(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
වැඩිපුර අපරාධ සිදුවන පොලිස් කොට්ඨාස පනස් දෙකක් හඳුනාගෙන තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
"අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් කටයුතු කෙරෙනවා.මේ වන විට දිවයින පුරා වැටලීම් කෙරෙනවා. රාත්‍රී මුර සංචාර කෙරෙනවා. ජංගම සංචාර කෙරෙනවා. හදිසි මාර්ග බාධක යොදා තිබෙනවා.
අසංවිධානාත්මක අපරාධ ක්‍රියා වැළැක්වීම මෙන්ම ඒවායේ නිරත වන අය නීතිය ඉදිරි යට පැමිණවීම සඳහා විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.