(අංජුල මහික වීරරත්න)
අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට (මරණ පරීක්ෂණ) කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ මරණ පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව පවතින නීතිමය රාමුව සහ ක්‍රියාපටිපාටි හා පිළිවෙත් වැඩිදියුණු කිරීමට හැකි වනු පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස 2022-10-25 දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇත.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් ඒ සඳහා මූලික පනත් කෙටුම්පත සකස් කරනු ලැබ තිබේ. එකී පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා නව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අනුව, එකී පනත් කෙටුම්පත් සකස් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.