
(මනෝප්‍රිය ගුණසේකර)
අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු වලින් අනතුරුව නීතීපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අපරාධ නඩු ගොනු අතුරින් පසුගිය මාස 18ක කාලය තුළදී ගොනු 23,645 ක උපදේශන කටයුතු අවසන් කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිරාශා ජයරත්න මෙනවිය අද (26) දැනුම් දුන්නාය.
එලෙස උපදේශන කටයුතු අවසන් කළ ගොනු 23,645 ක අතරට ළමා අපචාර සිද්ධීන් ඇතුළු වෙනත් අපරාධ සිද්ධීන්ද ඇතුළත් වන්නේ යැයි පැවසු නිරාශා ජයරත්න මෙනවිය උපදේශන කටයුතු අවසන් කළ ගොනු 23,645 අතුරින් ගොනු 12,503 කට අදාළ විත්තිකරුවන්ට එරෙහිව දිවයිනේ ඇති මහාධිකරණ හමුවේ අධිචෝදනා මත නඩු පවරා ඇතැයිද වැඩිදුරටත් පැවසුවාය.

