(දයාරත්න ඇඹෝගම)
ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද රාජකාරිවල නිරතවිමට අපේක්ෂා කරන රාජ්‍ය සේවකයන් 53,000 ආසන්න පිරිසක් තැපැල් ඡන්දය සදහා අයදුම්කර ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා අද (7) සඳහන් කළේය. තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරිමේදී සිදුව ඇති විවිධ අඩුපාඩුකම් හේතුවෙන් මෙම අයදුම්පත් වලින් යම් ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කිරිමට සිදුවිය හැකි බවද දිස්ත්‍රික් ලේකම් පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයෝ 6,82,450 ක් මෙවර ජනාධිපතිවරණයේදි ඡන්දය ලබාදිමට සුදුසුකම් ලබා සිටිති. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණය 634 කි.
තැපැල් ඡන්ද සලකුණු කිරිම මේ මස 31 දින හා ලබන මස 01 දින සිදුකරන බවද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා පැවසීය.

