(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරිනියක විශ්‍රාමයෑමට පෙරදින උසස්වීම් දීම සම්බන්ධයෙන් වාර්තාවක් දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම් දී තිබේ.
විදුලිබල මණ්ඩලයේ ඉදිරි සියලු උස්සස්වීම් කිරීමේදී 2025 වසරේ සිට නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයකුට වසර තුනක් සහ අතිරේක සාමාන්‍යධිකාරිවරයෙක්ට වසර දෙකක් විශ්‍රාම යාමට පෙර තිබිය යුතු යැයි වශයෙන් මෙයට පෙර අධ්‍යක්ෂ මණ්ඩලය ගෙන තිබු තීරණය අද සිට ක්‍රියාත්මක වන බවත් වර්තමාන සාමාන්‍යධිකාරිවරයා එළෙඹෙන මස විශ්‍රාම යාමට නියමිත බැවින් නව සාමාන්‍යධිකාරිවරයක් පත්කිරීමට පෙර අමාත්‍යංශයේ අනුමැතිය ගන්නා ලෙස සහ යෝජනා කරන නිලධාරීන්ට අවම වශයෙන් වසර 3 ක සේවා කාලයක් ඉදිරියට කළ හැකි වියයුතු බවත් අමාත්‍යවරයා පවසා තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ අද (21) පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය කංචන විජේසේකර මහතා එසේ පැවසීය.

