(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිතුරා ගේ විශ්‍රාමික සාදයට ගොස් යලි රැකියා ස්ථානය කරා පැමිණෙමින් සිටි දෙදරු පියෙකු සේවය කරන කර්මාන්ත ශාලාව ඉදිරිපිටදි කන්ටේනර් රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය කියයි
අනතුරින් මියගොස් ඇත්තේ බැල්ලපිටිය වැලිපත පදිංචිව සිටි ගුරුගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවක කැපුම් කරුවකු ලෙස සේවය කරන ඩබ්ලිව් ඒ උපාලි වීරකෝන් නැමැති (49) හැවිරිදි දෙදරු පියෙකි
මියගිය අය සේවය කරන කර්මාන්ත ශාලාවේ පුද්ගලයෙකු මීට දින කිහිපයකට ඉහත දී විශ්‍රාම ගොස් තිබූ අතර ඒ වෙනුවෙන් පෝරුවදණ්ඩ ඔහුගේ නිවසේදී මිතුරන් වෙනුවෙන් සාදයක් පවත්වා ඇතැයි, පොලිසිය කියයි
මියගිය පුද්ගලයා එම සාදයට සහභාගි වී රාත්‍රී වැඩමුරය සඳහා යළි කර්මාන්තශාලාව වෙත පැමිණීමේ දී බියගම සිට කර්මාන්ත ශාලා වෙත ඇඟලුම් රැගෙන පැමිණ එහි ඉදිරිපිට නවතා තිබූ කන්ටේනර් රථයේ පිටුපස දකුණු පස ගැටී බරපතළ තුවාල ලබා අනතුරට ලක්වීමෙන් අනතුරුව 1990 සුවසැරිය ගිලන් රථයෙන් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබූ බව පොලිසිය කියයි
මියගිය අයගේ මුහුණ සහ හිසට බරපතළ තුවාල සිදුවී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය

