අධිවේගී මාර්ගවල ගෙවීම් අද සිට බැංකු කාඩ් මගින්


 

(  මහින්ද නිශ්ශංක) 

අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථවල බැංකු කාඩ් මගින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

 ඒ අනුව දක්ෂිණ අධිවේගි මාර්ගය, කොළඹ _කටුනායක අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම හා කුරුණෑගල කොටසේ බැංකු කාඩ් මගින් ගෙවීමේ පහසුකම ඇතැයි අමාත්‍යාංශය සදහන් කරයි.

අධිවේගී මාර්ගවල හුවමාරු 35 ක සහ පිටවීමේ දොරටු 119 කදී අද සිට මෙම පහසුකම ක්‍රියාත්මක කෙරෙන බවද පවසන ප්‍රවාහන අමාත්‍යාංශය කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ බවද සඳහන් කරයි.