
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරියන් භාෂා ගුරුවරියක් ගමන්ගත් සුඛෝපභෝගී ජීප් රථයක් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 16 දශම 1 සපුගස්කන්ද ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රීෙය් ටයිල් පැටවූ ලොරියක ගැටීමෙන් ගුරුවරිය එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි අතුරුගිරිය රථවාහන පාලක මධ්‍යස්ථානය සඳහන් කරයි
ජීප් රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇත
අනතුරින් මියගොස් ඇත්තේ කඩවත රම්මුතුගල ගෝනහේන පාර පදිංචිව සිටි ගිතානි මානෙල් ප්‍රියන්ති (47 ) එක් දරු මවකි
ටයිල් පැටවූ ලොරිය මාතර දෙස සිට කඩවත දෙසට ධාවනය වීමේ දී එම දිසාවටම පිටුපසින් ධාවනය වෙමින් තිබු සුඛෝපභෝගී ජීප් රථය ලොරියේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබූ බව පොලිසිය සඳහන් කරයි
ජීප් රථය ලොරියෙ ගැටීමත් සමඟ ම එය සුන්බුන් ගොඩක් බවට පත්වී ඇති අතර ගුරුවරිය හඳුනාගත නොහැකි ලෙස බරපතළ තුවාල සිදුවී තිබූ බව පොලිසිය කියයි
අනතුර සිදුව ඇත්තේ කඩවත පිටවීමේ හුවමාරු මධ්‍යස්ථානයට කිලෝමීටර් දෙකක් පමණ තිබියදී බවත් පොලිසිය කියයි
ජීප් රථ රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය සහ අධික වේගය අනතුරට හේතුව වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
අතුරුගිරිය රථවාහන පාලක මධ්‍යස්ථානය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් එස් අශෝක කුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ



