අධිවේගියේදී මෝටර් රථයක් ගින්නට බිලි


(ජේ.කේ.එල්. චාමින්ද සහ රවි ලියනගේ)

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම ආසන්නයේ 97 වැනි කිලෝ මිටර් කණුව ආසන්නයේ දි කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක් අද (05)අළුයම ගිණිගෙන ඇතැයි අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානය පවසයි.

මෙම මොටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයාට කිසිදු අනතුරක් වි නැත.  කොළඹ බලායාම සදහා පින්නදුව පිවිසුමෙන් අධිවේගි මාර්ගයට ඇතුල් වි ඇති අතර අධිවේගිමාර්ගයේ 97 වැනි කිලෝමිටරයේ දි එකවරම මෝටර් රථයෙන් දුමක් පැමිණ එකවරම දුම වැඩිවි මෝටර් රථය ගිණිගෙන ඇත. මෝටර් රථයේ ඉදිරිපසට දැඩිලෙස හානිවි ඇති අතර පිටුපස අසුන් ගිණි ගැනිමෙන් හානියට පත්ව ඇත.

අධිවෙගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානයේ ගිණිනිවන රථයක් පැමිණ ගින්න නිවා දැමිමට කටයුතු කළ බව අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානය පවසයි.