(+++ සුජිත් හේවාජූලිගේ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ හා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ඉකුත් නිවාඩු දිනවල රථවාහන ධාවනයෙන් රුපියල් කෝටි අටකට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප‘යට ඊයේ පැවසීය.
මේ ආදායම උපයාගෙන ඇත්තේ එම මාර්ගවල ඉකුත් 6,7,8 හා 9 දිනවලදී ධාවනය වූ වාහන වලිනි.
එම දිනවලදී අධිවේගී මාර්ගවල ධාවනය වී තිබූ වාහන ප්‍රමාණය ලක්ෂ පහකට ආසන්නය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර පාලටුව හා හම්බන්තොට බරවකුඹුක අතර කොටස විවෘත කිරීමෙන් පසුව අධිවේගී මාර්ග වලට දිනකට ඇතුළුවන වාහන සංඛ්‍යාව 15,000 කින් පමණ වැඩිවී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එස්.ඕපනායක මහතා ‘ලංකාදීප‘යට පැවසීය.
අධිවේගී මාර්ග වලට නිවාඩු දිනවලදී ඇතුළු කෙරෙන වාහන සංඛාව 25,000 කින් පමණ ඉහළ ගොස් ඇතැයි ද ඔහු කීය.

