අධිවේගයට ආ වන අලියා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට මත්තල ප්‍රදේශයෙන් පැමිණි  වන අලියකු පලවා හැරීමට මාර්ග සංවර්ධන අධිකාරී සේවකයෝ කටයුතු කළහ.

පෙරදින රාත්‍රී එකොළහට පමණ හම්බන්තොට මාර්ගයේ කිලෝ මිටර් 1.9 කිලෝ මීටර් කණු අසල විදුලි වැටටද හානි සිදු කරමින් අධිවේගී මාර්ගයට මෙම අලියා පැමිණ කිලෝමීටර් තුනක් පමණ දුරට ගමන් කර ඇත.

අලියකු අධිවේගී මාර්ගයට පැමිණ ඇති බවට සැලවූ වහාම මාර්ග සංවර්ධන අධිකාරියේ සේවයකයින්  අලි වෙඩි දමා අලියා පලවා හැරීමට කටයුතු කර ඇති අතර මත්තල පිවිසුමෙන් අලියා පිටතට ගොස් වන වැදි ඇත.

එම අවස්ථාවේදී අධිවේගී මාර්ගයට මත්තල පිවිසුමෙන් ඇතුළු වන සහ පිටවන වාහනය නතර කර තැබීමට පොලිස් නිලධාරීන්ද කටයුතු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.