අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට


ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.

අධික ශීත දේශගුණික තත්ත්වය හේතුවෙන් ගොවිපොළ සතුන් 70000 ක් පමණද මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පවසා තිබේ.

මෙය දශක ගණනකින් ඇෆ්ගනිස්ථානයට බලපෑ දරුණුතම ශීත කාලගුණික තත්ත්වය බව ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

ආපදාවට ලක්වූවන් මුදවා ගැනීමට කඳුකර ප්‍රදේශවලට හමුදා හෙලිකොප්ටර් යානා යවා ඇතත් අධික හිමපතනය හේතුවෙන් එම යානා ගොඩබෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි වැඩබලන ආපදා කළමණාකරන අමාත්‍ය මුල්ලා මොහොමඩ් අබ්බාස් පවසා තිබේ.

034