
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව වෙනස්කම් කිරීම සඳහා අනුකමිටු 6ක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය කාරක සභාවේදී තීරණය විය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගනු ලැබිණි.
මේ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකමිටුව ආචාර්ය හරිනි අමරසූරිය (සභාපති), අනුර කරුණාතිලක, රෝහිණී කුමාරි විජේරත්න, ඥානමුත්තු ශ්‍රීනේසන්, සුනිල් රාජපක්ෂ යන මහත්ම මහත්මීහු නියෝජනය කරති.


