අධ්‍යක්ෂ ජනරාල්ගේ ලක්ෂ 8 ක මාලය කැඩූ දෙදෙනෙක් දැලේ


(ඉන්දිකා  රාමනායක)

බම්බලිපිටි මුහුදු මාවතේ  ව්‍යායාම වල නිරතවෙමින් සිටි  පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරයකුගේ රුපියල් ලක්ෂ 8 ට අධික වටිනා රන් මාලය කඩාගෙන පලාගොස්  සිටි සැකකරුවන් දෙදෙනකු  ජම්පටාවීදියේ දී අද (14) අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

පැමිණ’ලිකරු ප්‍රසිද්ධ රන්බඩු හලක    අධ්‍යක්ෂවරයකු වශයෙන් සේවය කරන බවත්,  වැල්ලවත්ත  ප්‍රදේශයේ නවාතැන් පොළක නැවතී සිටින ඔහු ඉකුත් (12) දින පෙරවරුවේ  වැල්ලවත්තේ සිට බම්බලපිටිය  දෙසට ව්‍යායාම සදහා ගොස් සිටියදි  ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති සැකකරුවන්  අධ්‍යකවරයාගේ රන් මාලය කඩාගෙන පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.

 මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණ පැමිණ’ල්ලකට අනුව  විමර්ශන කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින්  කොල්ල කෑ පවුම් 5 ට අධික රන් මාලය ඔවුන් රුපියල් ලක්ෂ 4 1/2 ක මුදලකට උකස් තබා  මුදල් බෙදාගෙන ඇති බවත්, ඔවුන් තදින්ම මත්කුඩු වලට ඇබ්බැහිව සිටින්න් බවද පොලිසිය පවසයි.