
( මහින්ද නිශ්ශංක)
ඉල්ලීම් කීපයක් මුල් කරගෙන දුම්රිය ලොකෝමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමය ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (9) පෙරවරුවේ දුම්රිය 35 ක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
අද පෙරවරුවේ දුම්රිය 35 ක් පමණ අවලංගු වන විට එම කාලය තුළ දුම්රිය 41 ක් ධාවනය කිරීමට හැකි වූ බවත් ඔහු සඳහන් කළේය.
ඉකුත් 6 දා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කරන ලද දුම්රිය රියදුරු වර්ජනය අද තුන්වන දිනටත් ක්‍රියාත්මක වේ.
වර්ජනය ක්‍රියාත්මක වුවද ඉකුත් 7 දා සිට ඊයේ 8 දක්වා රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල ධාවනය කිරීමට පියවර ගත් බවද අදත් (9) රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

