අද සවසත් තද වැසි


දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මධ්‍යම,සබරගමුව,ඌව,දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 වැඩි තරමක වැසි ඇති වේ. 

බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේ වැසි ඇති විය හැකියි.