අද සවස එකෙන් පසු තද වැසි


දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ඇතැම් ස්ථානවල මිලි මිටර් 75ක පමණ තරමක තද වැසි ඇති වේ.

බස්නාහිර පළාතෙත් ගාල්ල,මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැකියි.