අද මිලි මිටර් 100ක් දක්වා වැසි


බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වලත් විටින් වැසි හෝ ගිගුරුම් සහිත වැසි අතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් අනුරාධපුර සහ හම්බන්තාට දිස්ත්‍රික්කවල වැසි 
 ස්වල්පයක් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.