
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බවද ම දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි අතර , උතුරු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද කියයි.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

