ෂේන් සෙනෙවිරත්න
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටියදී ඉකුත් 16 වැනිදා සිට අතුරුදහන්ව සිටී සිසුවාගේ මෘත දේහය ගැටඹේ ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබියදී සොයාගත් බව පෙරදෙනිය පොලිසිය කියයි .
ගැටඹේ දෙවනි රාජසිංහ මාවත ආරම්භ වන ස්ථානයට මඳක් නොදුරින් මාවැලි ගඟ මැද පාවෙමින් තිබියදී පේරාදෙණිය පොලීසිය විසින් අද සොයාගෙන තිබේ .
අංජන කුලතුංග නමැති 24 හැවිරිදි මෙම ශිෂ්‍යයාගේ ජංගම දුරකථනය ඉකුත් 16 වැනිදා සිට ක්‍රියා ක්‍රියාවිරහිත වී තිබීම හේතුවෙන් ඔහුගේ දෙමව්පියන් පේරාදෙණියට පැමිණ ඔහු නවාතැන් ගෙන සිටි පෞද්ගලික නවාතැනට පැමිණ ඒ පිළිබඳව සොයා බැලීමේදී ඔහු විසින් ලියන ලද ලිපියක් ද හමුවී තිබුණි . එහි සඳහන්ව තිබී ඇත්තේ ඔහුට බාධාවක් නොපැමිණියහොත් මහවැලි ගඟ අයිනක තිබි ඔහුගේ ශරීරය සොයාගත සොයාගත හැකිවනු ඇති බවයි .
ශිෂ්‍යයාගේ මෘත දේහය මහවැලි ගඟේ තිබේ හමුවූ සිරුර ඔහුගේ දෙමව්පියන් පුතා බවට හඳුනාගෙන හඳුනාගෙන තිබේ .

