
(කේ. බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සිදුවූ වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලැබූ එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳට ශල්‍යකර්මයක් සිදු කර මේ වන විට දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් නිලධාරියකු පැවසීය.
ඇයගේ පෙනහැල්ලේ එක් උණ්ඩයක් රැඳී ඇති බවත් එය ඉවත් කළහොත් දැඩි ජීවිත අවදානමක් ඇතිවිය හැකි බව ශල්‍යකර්මය සිදු කළ වෛද්‍යවරුන් පවසන බවද එම උසස් නිලධාරියා පැවසීය .

