අතුරු සම්මත ගිණුම ඡන්දෙකින් තොරව සම්මතයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත විය

ලබන වසරේ පළමු මාස හතර සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යෑම සඳහා මෙම  අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය  3 වැනිදාය.

මේ පිළිබඳ විවාදය ඊයේ (5) සහ අද (6) දවස පුරා පැවැත්විණ. අද පැවති  විවාදයෙන් අනතුරුව යෝජනාව ඡන්ද විමසීමකින් තොරව මෙසේ සම්මත විය.

අතුරු සම්මත ගිණුම  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසිනි.