
(යොහාන් භාසුර)
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම ඉවත්කිරීමට නම් ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු කමිටුව අවලංගු කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (22) පැවසීය.
වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා යටතේ ඇති ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩා සංගම් තුනක් එම සංගම්වල ජත්‍යන්තර සංගම් පසුගිය කාලයේ තහනම් කර ඇති බවට අයි.සී.සී. රැස්වීමේදී අවදානයට ලක්වූ බව කී සභාපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලාභයෙන් සියයට 20 ක් ඉල්ලා සිටීම මෙම තහනමට ප්‍රධාන හේතුවක් වූ බව ද සදඟන් කළේය.
ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලාභයෙන් සියයට 20 ක් කරුණාවෙන් ඉල්ලා පසුව දාමරිකව හැසිරෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වීමට ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගකිව යුතු බවත් ශම්මි සිල්වා මහතා කීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අහමදාබාද්හිදී ඊයේ අවසන් වූ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීමට සහභාගිවීමෙන් පසුව පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

