(ඉන්දිකා රාමනායක)
ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් ප්‍රවර්ධන කිරීම සඳහා නිවෙස් වෙත ගොස් අත්පති‍්‍රකා බෙදාදීමට උපරිම ආධාරකරුවන් 11 දෙනෙක් පමණක් යායුතු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙලෙස නිවෙස් වෙත ගමන් ගන්නා පිරිස් ඔවුන් රැගෙන යන අත්පති‍්‍රකා ඡයාරූප ආදිය මාර්ගයේ ප්‍රදර්ශනය කිරීම, ගීත වාදනය කිරීම් හා රතිඤ්ඤා දැල්වීමද තහනම් බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
එම බෙදන අත්පත්‍රිකා වල මුද්‍රණකරුගේ නමද සඳහන් කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.
නිවෙස් වලට යාමේ දී නියමිත පිරිසට වඩා පිරිසක් ගමන් ගන්නේනම් එය නීති විරෝධී පෙළපාලියක් බවට පත්වන බව පැවසූ රුවන් ගුණසේකර මහතා එම නීතියට අනුව ක්‍රියා නොකරන පිරිසට එරෙහිව මැතිවරණ පනත ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කරන බවද කියා සිටියේය.

