
(ගයාන් සූරිය ආරච්චි)
ජීව අත් බෝම්බයක් සන්තකයේ තබාගෙන සිටි යුද හමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනෙකු කඩවත මහකඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරින් පරීක්ෂා කිරීමේදී මෙම අත් බෝම්බය සොයාගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෝනහේන කඩවත සහ ඇල්පිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 සහ 44 වයස්වල පසුවන පුද්ගලයෝ වෙති.

