අග්‍රාමාත්‍ය කාර්යාලයේ දේපළ අරගලකරුවෝ ආරක්‍ෂා කරති


(යොහාන් භාසුර)

අරගලකරුවන් අද (13) පස්වරුවේ අත්පත්කරගත් කොළඹ 7, මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දේපළ ආරක්‍ෂා කිරීමට අරගලකරුවන් පියවර ගෙන තිබීම කැපී පෙනේ.

එහිදී අරගලයේ සාමාජිකයන් සහ ආරක්‍ෂක අංශ එකතුව දේපළ ආරක්‍ෂා කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මකර ඇති අතර නැරඹන්නන්ට එහි දේපළ පාවිච්චි කිරීම දැඩි සීමාව පනවා තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ රැස්වීම් ශාලා, ලියකියවිලි ඇතුළත් කාමර සහ රථ ගාල පාවිච්චිය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.