අගමැති නිවෙස අසල උණුසුම් තත්ත්වයක්


(ඉන්දිකා රාමනායක)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ නිවස ආසල පොලිසිය සහ අරගල කරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

අරගලකරුවන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස ආසන්නයට ගොස් එහි මාර්ග බාධක බිඳගෙන ප්‍රවේශවීමට ගත් උත්සාහයක් වළක්වමින් පොලිසිය ඔවුන්ට ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

මෙම ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් ඇතුළු කීප දෙනෙක්ම තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙම උණුසුම්කාරී තත්වය තවදුරටත් පවතියි.