(බිඟුන් මේනක ගමගේ)
ආරක්ෂක හේතුන් මත අග්‍රාමාත්‍ය කාර්යාලයේ ශ්‍රීමතීපාය ගොඩනැගිල්ල ඇතුළත පරිශ්‍රයේ අවසරයකින් තොරව දුරකථන භාවිතයෙන් වළකින්නැයි එහි සියලුම නිලධාරින්ට අද දැනුම් දී ඇත.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් (පාලන හා සංවර්ධන) ඒ.එච් සුනිල් ගුණවර්ධන මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක් මගින් මෙම දැනුම් දීම කර තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අතිරේක ලේකම්(පාලන හා සංවර්ධන) ඒ.එච් සුනිල් ගුණවර්ධන මහතා පැවසුවේ මැති ඇමැතිවරුන් ඇතුලු ප්‍රභූන් රැස්වීම් පවත්වන ස්ථානවල අනවශ්‍ය ලෙස දුරකථන භාවිතයෙන් මතුවන ගැටලු හේතුවෙන් මෙම දැනුම් දීම කළ බවය.
කෙටි කලෙකට පමණක් මෙම තත්ත්වය ක්‍රියාත්මක වන බවත් හුදෙක්ම එය ආයතනයේ විනය පවත්වාගැනීමේ අදහසින් කළ ඉල්ලීමක් බවත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

