අකුරැස්ස පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්


(එස්. ඩී. කොඩිකාර)

අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු අධිකරණයට රැගෙන යාමට සූදානම්ව සිටියදී පලායාම සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසියේ සැරයන්වරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි මාතර පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

පොලිස්  අත්අඩංගුවෙන් පලා ගොස් තිබුණේ ගොඩකුඹුර කන්ද , අලපාලාදෙනිය ප්‍රදේශයේ පදිංචි  34 හැවිරිදි හිටපු යුද හමුදා සෙබළෙකු බව පොලිසිය කියයි.

මෙම සැකකරු  ඉකුත් (04) වන දින මොරවක පොලිසිය සහ ගම්වාසීන්ගේ සහය ඇතිව  මොරවක තලපෙ කුඹුර ප්‍රදේශයේ වන ලැහැබක සැඟව සිටියදී මොරවක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අකුරැස්ස පොලිසියට පොලිසියට භාරදී තිබුණි.

අකුරැස්ස පොලිස් ස්ථානයේ සිට  මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන යාම සඳහා සූදානම්ව සිටියදී සැකකරු ඊයේ(05) පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලාගියේය.

සිද්ධිය සම්බන්ධයෙන්  අකුරැස්ස පොලිසිය  වැඩිදුර පරීක්ෂණ පවත්වයි.