
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අගුරුවාතොට ගල්පාත ප්‍රදේශයේදී අකුණුසැර වැදීමක් සමග ඇතිවූ කම්පනයකින් පාසල් සිසුවකු මියගොස් ඇති බව අගුරුවාතොට පොලිසිය පවසයි .ෙ
මෙසේ මියගොස් ඇත්තේ ගල්පාත , බටගොඩ, වටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී අනූෂ ගිම්හාන් පෙරේරා නමැති 15 හැව්රිදි පාසල් සිසුවකු බව පොලිසිය කීය.
අකුණුසැර සැර එල්ලවන අවස්ථාවේ පාසල් සිසුවා නිවසේ කොරිඩෝවේ රැදී සිට ඇති අතර , එහිදී ඇතිවූ කම්පනයෙන් බිම ඇදවැටී ඇති බවත් සදහන් වේ.
ඒ මොහොතේම ඔහු ගල්පාත ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති බවත් , රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බවත් සදහන් වේ.

