(කාංචන කුමාර ආරියදාස)
අක්මා බද්ධය සඳහා ඉන්දියාවට ගිය පුංචි දරුවකු, මවක සහ පියකු ඩොලර් අර්බුදය නිසා එම රෝහලට අමතර මුදල් ප්‍රමාණයක් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා නැවත ලංකාවට පැමිණීමට නොහැකිව ප්‍රශ්නයකට මුහුණ පා ඇතැයි වාර්තා වෙයි.
මෙම මවගේ, පියාගේ සහ අක්මා බද්ධය සඳහා ගිය සිඟිති දරුවා ගේ විදෙස් ගමන් බලපත්‍ර එම පෞද්ගලික රෝහලේ කළමනාකාරීත්වය විසින් ලබාගෙන තිබීම නිසා මෙම තත්ත්වය උදාවී ඇතැයි පවසති.
ඉබ්බාගමුව පන්නල මහගම ප්‍රදේශයේ පදිංචි අයි.ජි .ප්‍රියන්ත ලලිත් කුමාර මහතා ඒ .ජි . චිත්‍රාංගනී ප්‍රේමසිංහ මහත්මියත් තම සිඟිති දරුවාට දරුණු අක්මා රෝගයක් වැළඳ එය සුවකර ගැනීම සඳහා සිදුකරන සැත්කමකට මීට මාස කීපයකට ඉහතදී ඉන්දියාවේ පෞද්ගලික රෝහල්කට ගොස් ඇත්තේ මෙරට ජනතාවගෙන් එකතු කරගත් රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයක මුදලක් ද රැගෙන බව ඔවුන් පවසති.
දිල්නෙත් දම්හිරු නැමැති මෙම පුංචි පුතාගේ අක්මා බද්ධය සිදුකොට ඇත්තේ සිය මවගේ අක්මාවේ කොටසක් ද උපයෝගී කරගෙන බවද එමෙන්ම මේ වන විට දරුවා සුව අතට හැරී මවත් දරුවාත් තවමත් ප්‍රතිකාර ලබන තත්වයේ සිටින බව කියයි.
ලංකාවේ රැගෙන ගිය එක් කෝටි තිස්පන් ලක්ෂයක මුදල ඉන්දියාවේන්දියාවේ චෙන්නායි පුද්ගලික රෝහලට ගෙවීම් සිදු කරද්දී මෙරට පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් එම මුදල ප්‍රමාණවත්වත් නොවී තවත් ඉන්දියන් රුපියල් හත්ලක්ෂ පනස් දහසක පමණ හිගයක් පවතින බව රෝහලෙන් මෙම මවට සහ පියාටට දැනුම් දී තිබේ.