අක්කර දෙකේ වගාවටත් පතරොම් තුවක්කු


(අංජුල මහික වීරරත්න)

අක්කර දෙකක් වගා කරන ගොවීන්ටත් වන සතුන්ගෙන් වගා හානි වලක්වා ගැනීම සඳහා පතරොම් තුවක්කු ලබා දීමට නීති සංශෝධනය කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ වන විට පතොරම් තුවක්කු ලබා දෙන්නේ අක්කර පහකට වැඩියෙන් වගා කරන ගොවීන් සඳහා පමණි.

 මොරගොල්ලාගම, කටුපිටිගම, මූණමලේ වැව, බළල්ල ,බොරවැව,  නියඳගම හා නිකවැව  ප්‍රදේශ ගණනාවක ගොවි ගැටලු සාකච්ඡා කිරීමට පැමිණි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කීය.

මෙහිදී ගොවි ජනතාව අමාත්‍යවරයාට පැවැසූයේ රිලව්, වල් ඌරන්, දඩු ලේනුන්ගේ  හානිය නිසා වගා අත් හරින තැනට පැමිණ ඇති බවයි.