අංගොඩ ලොක්කාගේ ගුරා අල්ලයි


(ඉන්දිකා රාමනායක  සහ   නිමන්ති රණසිංහ)

අංගොඩ ලොක්කා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගුරා බව කියන (අපරාධ සඳහා යොමු කළ බව කියන) සරත් කුමාර නොහොත් "චීටි " නැමැත්තා  මුල්ලේරියාව ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය අද (9) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඉකුත් නොවැම්බර් මස වැලිගම ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ 112 අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ නව වැනි සැකකරු මොහු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම සැකකරු පොලිසියෙන් සැඟවී සිටීම සඳහා නිවසේ භූගත බංකරයක් ද ඉදි කර තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

විශේෂ කාර්ය බළකාය මොහු සොයමින් සිටියදී සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල සැඟ වී සිට ඇති අතර නිවසට පැමිණ ඇති බවට ලැබුණු තොරතුරු අනුව මෙම සිදු කළ වැටලීමකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.