ALTAIR විවෘත වේ


මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායන් වෙනස් මගකට යොමු කරමින් කොළඹ නගරයේ ගොඩ නැඟු‍ණු ඇල්ටෙයාර් (ALTAIR) ගොඩනැගිල්ල පසුගියදා විවෘත කෙරිණි.

කොළඹ නගරයේ ඉදිවූ අති සුන්දර ගෘහ නිර්මාණ ශිල්පයෙන් අනූන බහුමහල් මිශ්‍ර සංවර්ධන නිවාස ව්‍යාපෘතියක් වන ALTAIR, ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශ ආයෝජන (FDI) ව්‍යාපෘතියක් වේ. ආර්ථිකමය වශයෙන් විශාල වැදගත්කමක් ඇති මෙම ප්‍රධාන ව්‍යාපෘතියේ සංවර්ධක වන්නේ ඉන්දියානු සමාගමක් වන South City Group Kolkata ය.  මෙම ව්‍යාපෘතිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගීතාව පෙන්නුම් කරන වැදගත් සලකුණකි.

සියලු පහසුකම්වලින් සමන්විත ALTAIR නේවාසික හා වාණිජ වෙළඳ සංකීර්ණයේ, දැනටමත් අලෙවි කරන ලද නිවාස ඉදිරි සති කිහිපය තුළ හිමිකරුවන්ට නිල වශයෙන් භාර දීම සිදුකරනු ඇත.

මෙම ආකර්ශනීය නිර්මාණයේ නිර්මාතෘ වන්නේ, ලෝක ප්‍රසිද්ධ වාස්තු විශේෂඥ මෝශේ සාෆ්ඩී (Moshe safdie) ලොව වඩාත්ම පිළිගැනීමට ලක්ව සිටින විශිෂ්ට ගනයේ වාස්තු විද්‍යාඥයෙකි.

සියලු පහසුකම්වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය නේවාසික සහ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කරන ලදී. අක්කර දෙකක භූමි භාගයක වර්ග අඩි මිලියන 1.5ක ALTAIR ගොඩනංවා ඇති අතර, එය මහල් 68 කින් සමන්විතය. එහි අති සුඛෝපභෝගී නිවාස 404 ක් ඉදිකර ඇත.