5000 නෝට්ටු 30ක් සමග තුනක් මාට්ටු


ඩී.ජී.සුගතපාල

ව්‍යාජ රුපියල් 5000 නොට්ටු 30ක් සමග සැකකරුවන් තිදෙදෙනකු අකුරැස්ස පොලිසිය විසින් අද සවස අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අකුරැස්ස මාරඹ සහ අහංගම ගොවියාපාන පදිංචි සැකකරුවන් තිදෙනෙකි.

මාරඹ පදිංචි සැකකරු අද සවස අකුරුස්ස නගරයේ වෙළඳ සලකින් ව්‍යාජ රුපියල්5000 නොට්ටුවක් ලබාදි භාණ්ඩ ලබා ගැනිමට උත්සාහ කරන බවට ලැබුන තොරතුරක් අනුව පොලිස් නිලධාරින් පැමිණ ඔහු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි පවසා ඇත්තේ අහංගම සැකකරුවන් දෙදෙනා එම නොට්ටුව ලබාදුන් බවය.

පසුව පොලිස් නිලධාරින් සැකකරු ලවා අහංගම සැකකරුවන් දෙදෙනාට දුර කතන ඇමතුමක් ලබාදි තවත් නෝට්ටු තිබේ නම් ගෙන එන ලෙස පවසා ඇත.ඒ අනුව ඔවුන් දෙදෙනා වහාම යතුරු පැදියකින් ව්‍යාජ රුපියල් 5000 නොට්ටු 30ක් රැගෙන පැමිණ සැකකරුට දෙන අවස්ථාවේ අසල රැකවල්ලා සිටි පොලිස් නිලධාරින් ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත.