40000ක ගුරු හිඟයක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දිවයින පුරා රජයේ පාසල්වල ගුරුවරුන්  40000ක  හිගයක්  පවතින බව අගමැතිනී  සහ  අධ්‍යාපන සහ  උසස් අධ්‍යාපන ඇමැතිනී  ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසුවාය.

ඇය මෙසේ පැවසූවේ  සමග ජන බලවේගයේ කොළඹදී දිස්ත්‍රික්  මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

දිවයින පුරා පළමුවැනි ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය ගුරුවරුන් 4240 කගේද දෙමළ මාධ්‍ය ගුරුවරුන් 2827 කගේද  හයවෙනි ශ්‍රේණියේ සිට එකොළොස්වැනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය ගුරුවරුන් 11274 කගේද දෙමළ මාධ්‍ය ගුරුවරුන් 6121 කගේද  පුරප්පාඩු පවතින බව ඇය ප්‍රකාශ කළාය.