(ආරියරත්න රණබාහු)
මෙරටට පැමිණි සංචාරකයන්ගේ පැමිණීම පසුගිය වසරට වඩා ගත වූ මාස හය තුළ පමණක් සංචාරකයන් විශාල පිරිසක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
පසුගිය වතර තුළ මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාව 719978ක් වන අතර මෙම වසරේ ගත වූ මාස හය තුළ පමණක් 608489ක් පැමිණ ඇත.
මෙම ජූනි මාසය තුළ පමණක් සංචාරකයන් 84003 දෙනකු පැමිණ තිබේ. ඉන් වැඩි සංඛ්‍යාවක් ඉන්දීය ජාතිකයන් වන අතර එම සංඛ්‍යාව 22388කි.
ඊට අමතරව රුසියාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව ජර්මනිය සහ චීනය යන රටවලින් ද සංචාරකයන් පැමිණ ඇතැයි එම අධිකාරිය පවසයි.

