(නිමල කොඩිතුවක්කු)
ඉදිරි වසරේ පළමු මාස දෙක සඳහා රටේ වියදම් වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
නව රජයේ මුදල් අමාත්‍යවරයා පත් කිරීමත් සමඟ අතුරු සම්මත ගිණුම සකස් කිරීමේ කටයුතු අවසන් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම අතුරු සම්මත ගිණුම සදහා එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ අදහස් ලබා ගැනීම පසු ගිය සති අන්තයේදි අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.
නව මුදල් අමාත්‍යවරයා ලබන බ‍්‍රහස්පතින්දා (20) වනවිට අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂිතය.