18 ට පාර්ලිමේන්තු රැස්වීමට පොදුජන පෙරමුණ සහභාගි වෙනවා


(නිමල කොඩිතුවක්කු)

ලබන 18 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර මහතා කොළඹදී  අද (14) පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අධිකරණය තින්දුවක් ලබා දි ඇති බැවින් මෙම තීරණය ගන්නා බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

බත්තරමුල්ල නෙලුම් මාවතේ  පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්‍යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

පාර්ලිමේන්තුව රැස්වූවාට පසු  ව්‍යවස්ථාවට ,ස්ථාවර  නියෝගවලට අනුව යෝජනාවක් ගෙනවිත්  බහුතරය උරගා බැලීමේ අවස්ථාවක් මන්ත‍්‍රීවරුන්ට ඇති බවද ඔහු එහිදී සඳහන් කළේය.