15 දැරියට හදිකළ ප්‍රා.උප සභාපති ඇතුළු තුනක් සැකපිට


(ඉන්දිකා රාමනායක)

15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව එම දැරිය ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහාණ මහතා පවසයි.

මෙම සැකකරුවන් තිදෙනා අතර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සහ එම සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ පුද්ගලයකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරුවන් තිදෙනා සමඟ ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 21 අත්අඩංගුවට ගෙන ඇති බව ද හෙතෙම කීය.

එම පිරිස අතර දැරියගේ මව සහ මවගේ අනියම් සැමියා ද සිටින බව පැවසේ .