'වැදි භාෂාව' කෘතිය එළිදකි


(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)

මහියංගන දඹාන ගුරුකුල විදුහලේ ආචාර්ය දඹානේ ගුණවර්ධන මහතා විසින් රචිත
'වැදි භාෂාව'  නැමති කෘතිය දොරට වැඩුම බදුලු  ජාත්‍යන්තර පොත් වසන්ත ප්‍රදර්ශනයේදි අද (25)  සවස සිදුවිය.

පොත් ප්‍රදර්ශනයත් සමග පැවති උත්සවයකදී වැදි භාෂාව නැමති කෘතිය දඹානේ ගුණවර්ධන විසින් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට පළමුව පිළිගැන්වීම සිදුවිය.

දඹානේ ගුණවර්ධන විසින් දඩබිමෙන් දඩබිමට,තුන්යම සිහින නව කතා සහ වැදි ගී විමසුම, වන අරණේ අපි කාව්‍ය, පුංචි දෙමටා ළමා කතා සහ වන්නිලඇත්තෝ නැමති කෘතින් රචනාකර තිබේ.