'බුල්බුල්' බෙංගාල බොක්කේ මුහුදු ගමන් නවතයි


 

(ඩයනා උදයංගනී)

බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පවතින ‘බුල්බුල්’ සුළි කුණාටුවේ බලපෑමෙන් එම මුහුදු ප‍්‍රදේශය ඉතා රළු විය හැකි නිසා නොවැම්බර් 11 වැනිදා දක්වා බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රජාවට දැනුම්දීමක් කරයි.

විශේෂයෙන්ම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා නොකරන ලෙස බහුදින ධීවර යාත‍්‍රාවලට දැනුම් දී ඇතැයි එහි ප‍්‍රකාශකයෙක් පැවසීය.

බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ තද වැසි සමඟ පැයට කිලෝමීටර 80, 90 පමණ වේගවත් හා විටින් විට පැයට කිලෝමීටර 100 සිට 110 පමණ දක්වා ඉතා තද සුළං ඇති විය හැකි බැවින් මුහුදේ ස්වභාවය දළ රළු විය හැති බව ද එම ප‍්‍රකාශකයා කීවේය.

සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල හෙට (8) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය.