(මොහොමඩ් ආසික්)
කැනඩාව, කොරියාව සහ ජපානය යන රටවල්වල ආයෝජකයින් විශාල පිරිසක් මෙරට කසළ කළමනාකරණය සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීමට සූදානමින් සිටින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.
අද (25) අකුරණ නගරයේ පැවැති සිරිසර පුරවර ජංගම සේවයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එසේ කීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
‘‘මධ්‍යම පළාතේ කසල කළමණාකරණය ගැන ගත්විට අකුරණ ප්‍රාදේශිය සභාව විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමතිවරයා හැටියට මේ දිනවල කැනඩාව කොරියාව සහ ජපානය ආදී රටවල ආයෝජනයින් විශාල ප්‍රමාණයක් අපේ රටේ කසල කළමණාකරණ ව්‍යපෘති සඳහා ආයෝජනය කිරීමට මා සමඟ සාකච්ඡා කරමින් පවතිනවා. අපේ රට ගැන බැලුවොත් අපට කසල මදි. ලංකාවේ තියෙන මුළු කසල ප්‍රමාණය වගේ හතර ගුණයක් ඉන්දියාවේ බොම්බායි නගරයේ තිබෙනවා. කසල කියන එක මේ වනවිට වාණිජ භාණ්ඩයක් ලෙසයි සලකන්නේ...‘‘ යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය.

