සල්ලි නැතුව අමාත්‍යංශ හිඳිලා


අජන්ත කුමාර අගලකඩ   

මුදල් නොමැතිවීම හේතුවෙන්, අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තු හා රජයේ සංස්ථා මණ්ඩලවල කටයුතු කරගෙන යාම බරපතළ ගැටලු‍වක් වී ඇතැයි වාර්තා වේ.   


මේ තත්ත්වය මත එම ආයතනවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම ද ගැටලු‍වක් වී ඇතැයි ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සඳහන් කළහ.

ඇතැම් ආයතනවල එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සොයාගැනීම මෙන්ම, අත්‍යවශ්‍ය සේවකයන් සඳහා අතිකාල දීමනා ගෙවීම් ආදිය ද බරපතළ ගැටලු‍වක් වී ඇතැයි දැනගන්නට ඇත.   


අමාත්‍යාංශවල අලු‍තෙන් ව්‍යාපෘති ආරම්භ කිරීම පමණක් නොව, ආරම්භ කළ ව්‍යාපෘති පවා පවත්වාගෙන යෑමද බරපතළ අර්බුදයක් වී ඇතැයි වාර්තා වේ. මේ අතර සෞඛ්‍ය, අධ්‍යාපන, මහාමාර්ග, නිවාස ආදී අමාත්‍යාංශවල, කොන්ත්‍රාත්කරුවන් හා සැපයුම්කරුවන් වෙත ගෙවීමට ඇති හිඟ බිල්පත් ප්‍රමාණය කෝටි විසිදහසකට අධික බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. රජයේ සංස්ථා, මණ්ඩල ගණනාවක සේවක වැටුප් ගෙවීම ද මේ ​ෙවන විට බරපතළ අර්බුදයකට ලක්ව ඇත.   


මේ අතර රාජ්‍ය බැංකු දෙකෙන් මුදල් නිදහස් නොකිරීම හේතුවෙන් වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම ද මේ වන විට නතර කර ඇත.