විදුලිබිල වැඩි කිරීම ගැන ආණ්ඩුවේ මතභේද


දයාසීලි ලියනගේ

විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර ප්‍රබල මතභේදයක් ඇති වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  රටේ ජනතාව බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින මේ අවස්ථාවේ විදුලි බිල වැඩිකිරීම නොකළ යුතු බව පිරිසකගේ මතය වී ඇත. 

මීට අමතරව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති මේ මොහොතේ විදුලි බිල වැඩි කළහොත් ජනතාව අතරට යාම අසීරු බව ද ඔවුන් පෙන්වා දී ඇති බව කියති.  
විදුලි බිල වැඩි කිරීමට මෙය අවස්ථාව නොවන බව ද ඔවුන් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.  


ඇමැති කංචන විජේසේකර මහතා විදුලි බිල වැඩිකරන බවට දැඩි මතයක සිටියි. 


මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවස්ථාවක් නොලැබුණු බවට ද චෝදනා කරයි.