මෛත්‍රීගේ ඔත්තුකරු සොයති


මනෝප්‍රිය ගුණසේකර


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය සුවිශේෂී ස්ථානයක සී.සී.ටී.වී. කැමරා පද්ධති පරීක්‍ෂාවට ලක් කළ බවට තොරතුරු අනාවරණය වී ඇත.

විදෙස් රටකට සම්බන්ධ කොළඹ පිහිටි ස්ථානයක පැවැති සාදයකදී හමුවු නාඳුනන පුද්ගලයකු විසින්, පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් කවුරුන්ද යන්න සිරිසේන මහතාට හෙළිකළ බවට ලැබුණු තොරතුරේ සඳහන් කරුණු සනාථ කර ගැනීම සඳහා, සාදය පැවැතියේයැයි කියන ස්ථානයේ සී.සී.ටී.වී. කැමරා මෙලෙස පරීක්‍ෂාවට ලක්කළ බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෛත්‍රීගේ අනාවරණයෙන් චෝදනා එල්ල වී ඇති රාජ්‍යය, මේ වෙනවිට මේ සම්බන්ධ සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර තමන්ගේ නිර්දෝශීභාවය හෙළි කිරීම පිණිස කෙරෙන ඕනෑම පරීක්ෂණයකට උපරීම සහාය පළ කර තිබෙන බවද වාර්තාවේ.