මැලේසියාවෙන් අපේ විදුලි ලොක්කකුට අල්ලස් නඩුවක්


(දයාසීලි ලියනගේ)

ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 180ක වන්දියක් ඉල්ලා මැලේසියානු සමාගමක් සිංගප්පූරුවේ බේරුම්කාර මණ්ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

යාපනයේ සුළං හා සූර්යබල ව්‍යාපෘතියක් පිහිටුවීම සඳහා මෙම මැලේසියානු සමාගමට බලපත්‍රයකින් අනුමැතිය ලබාදී ඇති අතර පසුව එය අවලංගු කර ඇති බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
​බේරුම්කාර මණ්ඩලයේ විභාග වන මෙම නඩුව සඳහා මේ වනවිට දේශීය හා විදේශීය නීතිඥයන්ට රුපියල් මිලියන 200ක පමණ මුදලක් වැයකර ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.


මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මණ්ඩලයේ නිලධාරියෙක් ඩොලර් මිලියන 2 ක පගාවක් ඉල්ලා සිටි බව ද එම සමාගම බේරුම්කාර මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.   


එම පගාව ලබා නොදීම නිසා තම සමාගමට ලබාදුන් බලපත්‍රය අහෝසි කිරීමට හේතු වූ බවද ඔවුන් පැමිණිල්ලේ සඳහන් කර ඇති බව ද දැනගන්නට ඇත.