මාස නවයකට 224,000 ක් රට රැකියා වලට ගිහින්


- වැඩි පිරිසක් තරුණයෝ

සුජිත් හේවාජුලිගේ

පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය  විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

මේ අනුව එම වර්ෂයේ එක් මාසයකදී විදේශ රුකියා සඳහා ගොස් ඇති සංඛ්‍යාව දළ වශයෙන්  24,900කි. ඉකුත් 2023 වර්ෂයේ පළමු කාර්තුවේදී  හැත්තෑ හය දහස් තිහක්ද දෙවැනි කාර්තුවේදී  60,795ක්ද තුන්වැනි කාර්තුවේදී  77,308ක්ද  විදේශ රුකියා සඳහා මෙසේ  පිටව ගොස් ඇත.


මෙලෙස  විදේශ රුකියා සඳහා පිටව ගොස් ඇති පිරිසෙන් සියයට 28.3 ක් සාමාන්‍ය නිපුණතා ඇති අය බවත්, සියයට 28.5 ක් ඉහළ  නිපුණතා ඇති අය බවත් ඔහු කීවේය.
මෙයට අමතරව ලිපිකරැ සහ මධ්‍යම ප්‍රමාණයේ නිපුණතා ඇති අය සියයට 7.2 ක්ද වෘත්තීය මට්ටමේ සුදුසුකම් ඇති සියයට 5.1ක්ද  විදේශගතව සිටින බව හෙතෙම පැවසීය.
රුකියා සඳහා විදේශගත වූ පිරිසෙන් සියයට 77.4ක් මැද පෙරදිගටද සියයට 7.4 ක් යුරෝපයටද සියයට 4.1ක් දකුණු ආසියාවටද පිටව ගොස් ඇති බව  ඔහු කීවේය.
මේ අතර පසුගිය වසරේදී විදේශ ශ්‍රමිකයන්ගෙන් රටට ලැබුණු ආදායම ඩොලර් කෝටි 600 කට ආසන්න බව මහාචාර්යවරයා කීය.


මෙමගින් ගෙවුම් ශේෂයට යම් සහනයක් ලැබුණද මෙම විදේශගත ශ්‍රමිකයන්ගේ  දරැ පවුල්වලට යම් සහන වැඩපිළිවෙළක් රජය හරහා සිදුව නැති බව ඔහු පෙන්වා  දෙයි.