ප්‍රේමකීර්ති රණතුංග
මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට රජයේ නීති අංශ පියවර ගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
පංගු පේරුවකින් තොරව මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳව සොයා බැලීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දුවක් අනුව මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව මෙම විමර්ශනය ඇරැඹෙනු ඇතැයි ද දැනගන්නට ඇත .
මේ පිළිබඳව විමසූ විට මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල පැවසුවේ මෙම සිද්ධිය පිළිබඳ සාක්ෂි අදාළ ආණ්ඩු සමයේ සූක්ෂ්මව යටපත් කර ඇති බවත් නීති අංශ එම සාක්ෂි සොයා බලමින් සිටින බවත්ය .