බලවතුන් හැටකගේ කෝටි ගානක් පිටරට


දේශපාලකයන් විස්සක්

(දයාසීලි ලියනගේ)

ශ්‍රී ලාංකිකයන් 60කට අධික පිරිසකගේ රුපියල් බිලියන ගණනක් මුදල් විදේශ බැංකුවල තැන්පත් කර තිබෙන බව වාර්තා වේ.  


මේ අතර ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් 20කට අධික පිරිසක් සිටින බව දැනගන්නට ඇත. 


ඇමෙරිකාවේ නිකුත් කෙරෙන ප්‍රධාන පෙළේ සඟරාවකින්ද මේ බව තහවුරු කර ඇත.  


මීට අමතරව නීත්‍යානුකූල හා නීත්‍යානුකූල නොවන ව්‍යාපාරික කටයුතුවල යෙදෙන අයද මේ අතර සිටින බව වාර්තා වේ.

‍මෑතකදී ප්‍රකාශයට පත් වූ පැන්ඩෝරා හෙළිදරව්වෙන් පසු මෙම බහුතරයක් පිරිස දැඩි නොසන්සුන්තාවයට පත්ව සිටින බව දැනගන්නට ඇත.  


වංචනික ලෙස මුදල් උපයා සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අධිකරණයේදී ඔප්පු වුවහොත් ලැබෙන දඬුවම පිළිබඳව කළ විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ වසර 10ක සිරදඬුවමක් හා වත්කම් රාජසන්තක කිරීමට හැකියාව ඇති බවයි.  


ඉදිරිපත් කරනු ලබන සාක්ෂි මත නීතිපතිවරයා ඉදිරිපත් කරනු ලබන කරුණු සලකා බලා අපරාධ චෝදනා යටතේ මුදල් විශුද්ධිකරණ වත්කම් හා මැරකම්, අල්ලස් හෝ දූෂණ හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරීමට හැකියාව තිබෙන බවද විජයදාස රාජපක්ෂ මහතා කීය.